මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කරන ආකාරයට හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමුවනදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙයි.
මීට අමතරව මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ද උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු මස පළමුවන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බවද විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කර ඇත.
ඒ අනුව එම විභාගවලට අදාළව අදාළ කාල පරාසයන් තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම හා බෙදාහැරිම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම තහනම් වෙයි.
යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කලහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත දන්වා සිටියි.

