නීති විරෝධි මිනිස් වෙළඳාමට රජය ඉඩක් නොතබන බවත් ඊට එරෙහිව රජයක් ලෙස ගත හැකි සියලුම පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
පසුගිය කාලයේ මිනිස් වෙළෙඳාම් සිදු කෙරෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ තැනක සිටි නමුත් මෑතකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තා අනුව දැන් ශ්‍රී ලංකාව යහපත් තත්වයකට පත් වී ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.
මිනිස් වෙළදාමට එරෙහි ලෝක දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේය
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
අද අපි මේ සූදානම් කරලා තියෙන්නේ මිනිස් වෙළදාමට එරෙහි පාගමනක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදිහට මිනිස් වෙළදාමට එරෙහිව සිදුකරන කර්තව්‍ය පිළිබදව රටට ලෝකයට කියාපාන්න වගේම අපි ජාත්‍යන්තර සංවිධාන එකතු කරගෙන අපිට සහයෝගය දක්වන ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළුව සියළුම සංවිධාන එකතු කරගෙන මිනිස් වෙළදාමට විරුද්ධව කටයුතු කරනවා කියන කාරණය ලෝකයට ප්‍රකාශ කරනවා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදිහට හරින් ප්‍රනාන්දු ඇමතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම මිනිස් වෙළදාමට විරුද්ධව කළ හැකි සියළුම ක්‍රියාමාර්ග අපි ගන්නවා කියන පොරොන්දුව අපි ජනතාවට ලබාදෙන්න තමයි අපි මේ ගමන් කරන්නේ.
මිනිස් වෙළදාම සම්බන්ධනේ මීට පෙර තිබුණු ස්ථානයෙන් බොහෝ ඉදිරියට එන්න මේ කෙටිකාලය තුළ පුළුවන් වෙලා තියෙනවා. මිනිස් වෙළදාමට එරෙහිව ගත හැකි සියළුම ක්‍රියාමාර්ග අපිට ගන්නට හැකිවීම සම්බන්ධයෙන් රටක් විදියට අපි ආඩම්බර වෙනවා. මිනිස් වෙළදාම නතර කිරීමට ගතහැකි සියළුම ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරනවා.
විවිධ පුද්ගලයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නොයෙකුත් බොරු පොරොන්දු දී නියමිත ක්‍රමයෙන් බැහැරව විදේශ රැකියා සඳහා බව කියමින් රට යවන අවස්ථාවලදී අපි එයට විරුද්ධව කටයුතු කරනවා. නීති විරෝධී ආකාරයට රැකියාවලට යන අය එම රටවලදී ලිංගික අතවරවලට හා නියමිත් වැටුප් නොලැබීමේ ප්‍රශ්න වලට මුහුණ පා අමාරුවේ වැටෙනවා. ඒත් විදේශ රැකියා සඳහා කාර්යංශයෙන් පුහුණුව ලබා එහි ලියාපදිංචි වී නිසි පරිදි විදේශ ගත වන්නේ නම් මේ වගේ ප්‍රශ්ණ ඇතිවන්නේ නෑ.
නීති විරෝධී මිනිස් ජාවාරම් පිළිබද ප්‍රශ්නය ලෝකයටම බලපාන ප්‍රශ්නයක් - ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කාර්යාලයේ අධක්ෂ සිම්රින් සිං
මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කාර්යාලයේ අධක්ෂ සිම්රින් සිං අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.
නීති විරෝධී මිනිස් ජාවාරම් පිළිබද ප්‍රශ්නය ලෝකයටම බලපාන ප්‍රශ්නයක්. මේ ජාවාරම්වලට හසුවන අයගෙන් සියයට හැත්තෑවක්ම කාන්තාවන්. සියයට විසි පහක් විතර වයස අවුරුදු දහ අටට වඩා අඩු අය. නීති විරෝධී මිනිස් ජාවාරම් පිළිබද තොරතුරු ලැබුණ විට ඒ සම්බන්ධයෙන් වාර්තා කළ යුතුයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ සම්බන්ධයෙන් වාර්තා කිරීම සදහා වැඩපිළිවෙලක් තිබීම සතුටට කරුණක්. සියලු දෙනාම එක්වී නීති විරෝධී මිනිස් ජාවාරම් නැති කිරීමට කටයුතු කළ යුතුයි.
මෙම අවස්ථාව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී. ප්‍රනාන්දු, අතිරේක සාමාන්‍යාධිකාරි කිෂෝලි පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.