වසර 154 ක ඉතිහාසයක් ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පොදු ප‍්‍රවාහන මාධ්‍යක් ලෙස ජනතාව වෙනුවෙන් අතිවිශාල සේවාවක් සපයන ආයතනයක් වුවත් දුම්රිය බලධාරීන්ගේ හා කලින් කලට බලයට පත්වන ආණ්ඩුවල ඇමති වරුන්ගේ අදූරදර්ශි කි‍්‍රයාකලාපය නිසා දුම්රිය සේවය දවසින් දවස අඳුරු අගාධයකට ඇද වැටෙමින් ඇති බවට දන්වා ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කටයුතු කර ඇත
දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ ගේ අත්සනින් යවා ඇති එම ලිපියට අනුව ජාවාරම්කාරී ඇතැම් දුම්රිය බලධාරීන් හා ආණ්ඩුවේ දේශපාලන නායකයින් දුම්රිය දෙපාර්තමේන්තුව ජාවාරම් කාරයින්ගේ තිප්පොලක් බවට පත්කර ඇත.
එසේම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ආදායම් මාර්ග බොහෝමයක් ජාවාරම් කාරයින්ගේ අතට පත්කර ගෙන ඇති බවත් ”වෛස්රෝයි” විශේෂ සුඛෝපභෝගී දුම්රිය ධාවනයේ යෙදවීම වෙනුවෙන් දුම්රියට ගෙවිය යුතු රුපියල් මිලියන ගණනක් නොගෙවා පොලූ තබා ඇති ජාවාරම්කාරයින්ට, දුම්රිය ආඥා පනතට පටහැනිව Railway Museum (Guarantee) Ltd වැනි සමාගම් ලියාපදිංචි කර ජාවාරම් තවදුරටත් විධිමත් පරිදි කරගෙන යාමට ඉඩප‍්‍රස්ථා විවර කර දී ඇති බවද එහි සඳහන් කර ඇත.
තවද ආසන වෙන්කිරීමේ කටයුතු, රථගාල් හා කාමර වෙන්කිරීමේ කටයුතු, වැනි ආදායම් මාර්ග දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීක සමාගම් වලට හා පුද්ගලයින්ට පවරා දී තිබෙන බවත් එවැනි තත්වයක් යටතේ වුවද දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් රුපියල් බිලියන 13 ක් පමණ වන බවද එම ලිපියේ පෙන්වා දී ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට වසර10 කට වැඩි කාලයකින් දුම්රිය ගාස්තු වැඩිකර නැති තත්වයක් තුල වූවද මුළු වියදමින් 45% ක පමණ ප‍්‍රමානයක් ආවරණය කර ගැනීමට තරම් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම් ලබා ඇති අතර වංචා දූෂණ අක‍්‍රමිකතා හා ජාවාරම් නතර කළහොත් ආදායම් තවත් 30% කින් වැඩිකළ හැකිව ඇත.
එමෙන්ම ඉතිරි 25% ක් වන ආදායම් ඉපයීමේ විභවයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බවත් මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකර, මේ ආණ්ඩුව දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින බවත් එහි සඳහන්ව ඇත.
අදාළ ලිපිය යොමුකරමින් වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දී ඇත්තේ එම ප‍්‍රයත්නයට වෘත්තීය සමිතිවලට එකඟවිය නොහැකි බවය.
කෙසේ නමුත් වාර්ෂික වියදම ඉක්මවා ආදායමක් ලැබීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙක් හෝ ප‍්‍රවාහන අමාත්‍යාංශය අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැති බව මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ජාතික සම්පතක් වන බැවින්, කාට වගකීමක් නැතත් එය ආරක්‍ෂාකර ගැනීම සඳහා වෘත්තීය සමිති වලට වගකීමක් ඇති බවද අදාළ ලිපියේ අවධාරණය කර ඇත.
එසේම කීප අවස්ථාවකම ජනාධිපතිවරයා සමග සාකච්ජා ඉල්ලා සිටියද එවැනි සාකච්ජාවක් දීමට ජනාධිපතිවරයාද කටයුතු කර නැති බවත් ඉන් පෙනී යන්නේ දුම්රිය බලධාරීන් හා අනිකුත් දේශපාලන නායකයින් වගේම ජනාධිපතිවරයාද රට පිළිබඳව හෝ ජාතික සම්පත් පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන බව යනුවෙන්ද අදාළ ලිපියේ සඳහන් කර ඇත.