උතුරු කොරියාවෙන් රෙදි ආනයනය කළා කියන පුවත සාවද්‍යයි !

උතුරු කොරියාවෙන් රෙදි ආනයනය කළා කියන පුවත සාවද්‍යයි !

උතුරු කොරියාවෙන් ශ්‍රී ලංකාව රෙදි පිලි ආනයනය කර ඇති බවට පළ වන පුවත් වාර්තා සාවද්‍ය  බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

2017 ඔක්තෝබර් මාසයේ සිට 2018 වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදි පිලි ආනයනය කර ඇති බවට පුවත් වාර්තා පළ වී තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව දන්වා ඇත.

එසේම අදාළ පුවත් වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය  වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම් අනුව කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත වල ප්‍රතිපාදන වලට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවය.

ඒ අනුව අදාළ යෝජනා සම්මත වලට පටහැනිව ශ්‍රී ලංකාව කටයුතු කර නොමැති අතර එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදි පිලි ආනයනය කර නොමැති අතර රේගුවේ ස්වංක්‍රීය දත්ත ක්‍රියායන පද්ධතියයට රේගු කාර්යාල නියෝජිතයින් විසින් දත්ත ඇතුළත් කරන ක්‍රියාවලියේදී වැරදීමක්  සිදුව ඇති බව විදේශ කටයුතු අමාතයංශය පවසයි.

කොරියානු ජනරජය වෙනුවට කොරියානු  මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වැරදීමකින් අවස්ථා කිහිපයකදී තෝරාගෙන ඇති අතර අදාළ අත්වැරදීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

යලි එවැනි වැරදි සිදුවීම වැලැක්වීම සදහා වූ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා රේගුව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න