සාකච්ඡා කරන්න ඉඩ තිබියදී වර්ජන කිරීම අනුමත කරන්න බෑ - ජනාධිපති 

සාකච්ඡා කරන්න ඉඩ තිබියදී වර්ජන කිරීම අනුමත කරන්න බෑ - ජනාධිපති 

ගැටළු විසඳාගැනීමට ඕනෑම අයෙකුට රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව තිබියදී විරෝධතා, වර්ජනවලට එළඹීම අනුමත කළ නොහැකි බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අද (09) පෙරවරුවේ පැවති වැඩසටහනකට සහභාගීවෙමින්ය.

රටේ අහිංසක පොදු ජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව මානුෂීයව සිය ගැටළු විසදාගැනීමට කටයුතු කරන  ලෙස දුම්රිය , වෛද්‍ය ඇතුළු වෘත්තීය කන්ඩායම් වලින් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එසේම දුම්රිය වර්ජනය හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පා ඇති දුෂ්කරතාව සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න