Language Switcher

V2025

සාකච්ඡා කරන්න ඉඩ තිබියදී වර්ජන කිරීම අනුමත කරන්න බෑ - ජනාධිපති 

ගැටළු විසඳාගැනීමට ඕනෑම අයෙකුට රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව තිබියදී විරෝධතා, වර්ජනවලට එළඹීම අනුමත කළ නොහැකි බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අද (09) පෙරවරුවේ පැවති වැඩසටහනකට සහභාගීවෙමින්ය.

රටේ අහිංසක පොදු ජනතාව පීඩාවට පත් නොකර බුද්ධිමත්ව මානුෂීයව සිය ගැටළු විසදාගැනීමට කටයුතු කරන  ලෙස දුම්රිය , වෛද්‍ය ඇතුළු වෘත්තීය කන්ඩායම් වලින් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එසේම දුම්රිය වර්ජනය හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පා ඇති දුෂ්කරතාව සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.