වැටුප් විෂමතා ඉවත් කිරීමට : වැටුප් හා සේවා කොමිසමක් එයි !

වැටුප් විෂමතා ඉවත් කිරීමට : වැටුප් හා සේවා කොමිසමක් එයි !

දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන 25ක පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැටුප් හා සේවා කොමිසමක් පත්කිරීම මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.  

සේවා 25ක වැටුප් විෂමතා තිබියදී එක් සේවාවක ගැටලූව පමණක් විසඳීමෙන් සෙසු සේවාවන්හි ද ගැටලූ මතුවිය හැකි බැවින් මෙම කොමිසම පත්කර සියල්ලෙහි ගැටලූ විසඳීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා එම යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එසේම එම වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන 2019 අයවැයෙන් වෙන් කළ හැකි බව ද මුදල් අමාත්‍යවරයා පැවසූ බව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න