විභාග රාජකාරියට  වඩා හොඳයි : මේසන් බාස්ට අත් උදව් දෙන්න යනවා - ගුරු සංගම්

විභාග රාජකාරියට  වඩා හොඳයි : මේසන් බාස්ට අත් උදව් දෙන්න යනවා - ගුරු සංගම්

ජාතික විභාග රාජකාරි කටයුතුවල නිරත ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු නිලධාරීන් සඳහා කරන ගෙවීම් ඉතා අවම තත්වයක පවතින බවත්  එම දීමනා පවතින ජීවන වියදමට පවා නොගැළපෙන බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය මේ බව සඳහන් කරන අතර වීභාග රාජකාරි කටයුතුවල නිරත වන සම්බන්ධීකරණ නිලධාරියෙකු සඳහා රු.1700/-ක්, ශාලාධිපතිවරයෙකු සඳහා රු.1500/- ක්, නිත්‍ය නිරීක්ෂක සඳහා රු.1300/- ක්, අතිරේක නිරීක්ෂක සඳහා රු.1200/- ක් වශයෙන් ඉතා අවම මුදලක් ගෙවනු ලබන බවද එහි සඳහන් කර ඇත.

එහෙත්  මෙවර විභාග රාජකාරි සඳහා අලූතෙන් පත් කළ අතිරේක ශාලාධිපති සඳහා රු.1500/- ක් සහ ගමන් වියදම් රු.600/- ක් දිනකට ගෙවන අතර  ඒ අනුව අතිරේක ශාලාධිපතිවරයෙකුට 2100/- ක් දීමනාවක්හිමිවෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ පෙදරේරුවෙකු පවා  දිනකට රු.2500/- කට වැඩි මුදල් අයකරන අතර අත් උදව්කරුවෙකු රු.1500/- ක පමණ මුදල් අය කරන බවත් නමුත්  ජාතික විභාග රාජකාරිවල නිරත ගුරුවරු සහ විදුහල්පතිවරු ලබන්නේ ඉහත දැක්වූ ආකාරයේ ඉතා අවම මුදලක් බවත්ය.

මේ තත්වය මත විභාග රාජකාරි සඳහා කරනු ලබන ගෙවීම් වහා වැඩිකරන ලෙස ලංකා ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න