බැසිල්ගේ බට නඩුව : හෝමාගම මහාධිකරණයට !

 බැසිල්ගේ බට නඩුව : හෝමාගම මහාධිකරණයට !

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහිව පවරා ඇති නඩුවේ අධිකරණ බලය වෙනස්වීම හේතුවෙන් හෝමාගම මහාධිකරණයට මාරු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ බව අනාවරණය වුයේ  රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව ට අද (9) කළ දැනුම්දීමේදීය.
ඒ අනුව මෙම නඩුව හෝමාගම මහාධිකරණයට මාරු කිරීම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 10 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලට නියමකර ඇත. 

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී  පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශ‍්‍රවින්ද්‍ර ප‍්‍රනාන්දු  සමඟ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න