මිහින්තලේ පොහොට්ටු කාකොටා ගනියි !

මිහින්තලේ පොහොට්ටු කාකොටා ගනියි !

සංවර්ධන වැඩ කටයුතුවලදී මිහින්තලය නාමල්වැව කොට්ඨාසයේ පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරයාට විශේෂ වරප්‍රසාද ලබාදී ඇති බව කියමින් එම පක්ෂයේම රුවන්ගම කොට්ඨාසයේ මන්ත්‍රීවරයා නාමල්වැව කොට්ඨාසයේ මන්ත්‍රීවරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට උත්සාහ කිරීමත් සමග මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභා කණ්ඩායම් රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්වූ බව වාර්තා වෙයි.

ඊයේ (08) මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ඇතිවූ මෙම සිදුවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ මිහින්තලය ප්‍රාදේශීය සභාවට අයත් නාමල්වැව ප්‍රදේශයේ වීදී පහන් සවි කිරීමක් සම්බන්ධයෙන් මතුවූ  ගැටලුකාරී තත්ත්වයක්ය.

එහිදී  රුවන්ගම කොට්ඨාසයේ මන්ත්‍රීවරයා වන නිපුණ මධුසංඛ නමැත්තා නාමල් වැව මන්ත්‍රීවරයා වන චමින්ද සම්පත් දිසානායකගෙන් "උඹට විතරක් වැඩි වරප්‍රසාද ලැබෙන්නේ කොහොමද?" යි අසමින් පරුෂ වචනද කියමින් පහරදීමට උත්සාහ කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින්   චමින්ද සම්පත් දිසානායක මන්ත්‍රීවරයාද පරුෂ වචන කියාගෙන පහරදීමට සූදානම්ව ඇති බවද වාර්තා වෙයි.

ඊයේ (08)  මහජන දිනය ද වූ බැවින් සිද්ධිය සිදුවන අවස්ථාවේ පොහොට්ටුවේ මන්ත්‍රී වරුන් තිත්ත කුණුහරුප කියමින් කෑකෝ ගසමින් හැසිරුණු අයුරු එහි පැමිණි බොහෝ පිරිසකගේ අප්‍රසාදයට ලක්ව ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න