Language Switcher

V2025

දුම්රිය වර්ජනය අදත් : විකල්ප පියවර ගැනීමට රජයේ අවධානය !

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද (10) දිනය වන විටත් ක්‍රියාත්මක අතර දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

ඊයේ (09) වන විට තවත් දුම්රිය වෘත්තීය සමිති 5ක් ද වර්ජනයට සහාය පළකරන්නට තීන්දු කර ඇති අතර ඔවුන් සඳහන් කර සිටින්නේ දහස් ගණනක් සිය දෛනික ප්‍රවාහන සේවා සපයා ගැනිමේ දුෂ්කරතාවකට මුහුණදී සිටියත් එය තම පාර්ශවයේ ගැටළුවක් නොවන බවත් ඉල්ලීම් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව දියත් කරන බවය.

මේ අතර ප්‍රවාහන අමාත්‍යංශය විසින් විශ්‍රාමික දුම්රිය සේවකයින් සේවයට කැඳවීමට කටයුතු කරමින් සිටින බවත් එවැන්නක් සිදුකළහොත් ඊට එරෙහිවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවද දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

ඊයේ(09) පස්වරුවේ දුම්රිය 08ක් කොළඹ කොටුවේ සිට දුර බැහැර ප්‍රදේශවලට යොමු කිරීමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබු අත්හැර ඉන් එක් දුම්රියක් ඊයේ රාත්‍රී අම්බලන්ගොඩ, ඇල්පිටිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වී ඈති බවද වාර්තා වෙයි.

මේ අතර අද(10) උදෑසන 04.45ට පමණ මහව දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා දුම්රියක් පිටත් වු බවද වාර්තා වන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් මගීන්ට ලංගම බස් රථ වල ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර මඟී අවශ්‍යතාව අනුව බස් රථ ධාවනය කරවිමට යුධ හමුදාව ද ඉදිරිපත්වී සිටියි.

මේ අතර වර්ජනය නවත්වා සාකච්ඡාවට පැමිණෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කරයි.

ඉල්ලීම් කිසිවිටෙකත් ප්‍රතික්ෂේප  කර නොමැති අතර ඒ සඳහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර ඊයේ පැවසුවේ දුම්රිය සේවකයින්ට වැටුප් වැඩ කළහොත් සමස්ත රාජ්‍ය සේවයම අර්බුදයකට ලක්වනු ඇති බවයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිසමක් පත් කිරීම සඳහා ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.