ඉසුරගේ  පුටු ගාය මෙන්න !

ඉසුරගේ  පුටු ගාය මෙන්න !

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම තීරණයට විරෝධය පළකරන ජනතා විමුක්ති පෙරමුණ ඒ නැවත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා  බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්ද  යොමුකර ඇත.

මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104ක් ආනයනය ට දැනටමත් ඇණවුම් කර ඇතැයිද මෙම පුදුමාකාර මිලදී ගැනීම වළක්වන්නැයි ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි  විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් බවද වාර්තා වෙයි. පළාත් සභාවේ සියලු ආයතන එක් තැනකට ගෙනඒම යහපත් නමුත් එක් පුටුවකට මෙවැනි මුදලක් වැයකිරීම පුදුම සහගත එකඟ විය නොහැකි කරුණක් යැයි එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න