කේලමක් නිසා චන්ද්‍රිකාට කැපිල්ලක් !

කේලමක් නිසා චන්ද්‍රිකාට කැපිල්ලක් !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන්  ඉවත්කර ඇතැයි වාර්තාවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත්වූ පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය එම පක්ෂයේ එකම අනුශාසක ලෙස පත් කරනු ලැබූ අතර ශ්‍රීලනිපයේ  වත්මන් සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇයව අනුශාසක මණ්ඩල සාමාජිකාවක් ලෙස පත්කරනු ලැබිණ.

අනතුරුව  මෑතකදී අනුශාසක මණ්ඩලය විසුරුවා හැර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග  උපදේශකවරුන් ලෙස නම්කර තිබුණු අතර අනුශාසකවරියකව සිටියදී ඇය ශ්‍රීලනිප මාධ්‍ය කාරක සභාවද  නියෝජනය කරනු ලැබුවාය.

මම දන්නෙත් නෑ - චන්ද්‍රිකා 

කෙසේවුවද පසුගිය 08 වනදා  පැවති මධ්‍යම කාරක සභාවට ඇයට ආරාධනා කර නොමැති බවද වාර්තා වන අතර ඒ සම්බන්ධව හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සඳහන් කර සිටින්නේ මධ්‍යම කාරක සභා රැස්වීමක් 8 වනදා  පැවති බව දැනගත්තේ එහි සාමාජිකයින් කිහිප දෙනෙකු කල විමසිමකදී බවය.

"ඇත්තටම මම ඒගැන දැනගෙන හිටියේ නැහැ. මට ආරාධනාවක් ලැබුනෙත් නැහැ. පක්ෂයේ කීපදෙනෙක්ම අද ඒගැන මගෙන් විමසුවා. මටත් පුදුමයි. මගේ හිතේ කව්රු හරි කේලමක් කියලා ඇති.. '' ඇය වැඩිදුරටත්සඳහන් කර සිටියි.
         

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න