ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වෙයි !

ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වෙයි !

ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන කමිටු රැස්වීම අද (10) පස්වරුවේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

එහිදී ඉන්ධන මිල ඉහළ දැමීම හෝ පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජිත අතර ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා පත් කළ මෙම කමිටුවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙක්, මහා භාණ්ඩාර නියෝජ්‍ය ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ද අයත්ව සිටියි.

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (09) සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 72.30 ක් ලෙස වන අතර සිංගප්පූරු වෙළඳපොලේ පෙට්රල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.3 ක් ලෙසත්  ඩීසල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86.17 ක් ලෙසත්  සටහන්ව තිබිණ. 

පෙට්‍රල් හා ඩීසල් මිල පසුගිය ජුලි මස 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කළේ පසුගිය මැයි මාසයේ හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රයට අනුවය. 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 08 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දැමුණු අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් මෙන්ම සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 10 කින්ද ඉහළ දැමිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න