ගෝඨා - බැසිල් ඇමරිකාවේ : එන දිනයත්  ෂුවර් නැහැ !

ගෝඨා - බැසිල් ඇමරිකාවේ : එන දිනයත්  ෂුවර් නැහැ !

පොදුජන පෙරමුණේ  මහ මොලකරුවන බැසිල් රාජපක්ෂ  අද (10) උදැසන 3.15ට කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවූ බවත් ඔහු තවත් මාස 3-4කට නොඑන බව එම පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව තිබෙන දැඩි අර්බුදය හේතුවෙන් ඔහු මෙසේ  දීර්ඝ කාලයක්  ඇමරිකාවේ සිටීමට හේතුව බවත් වාර්තා වෙයි.

එසේම, වියත්මඟ විශ්‍රාමික හමුදා ජුන්ටාවට ඒකාබද්ධයේ ඇතැමුන්ගෙන් එල්ලවූ වාග් ප්‍රහාර හමුවේ ගෝඨාභය රාජපක්ෂ  ද ඇමරිකාවට ගොස් සිටින බව වාර්තා වන අතර ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බවට හැඟීයාමෙන් බලවත් සේ කනස්සල්ලට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ  ඇමරිකානු  පුරවැසිභාවය අත්හැරීමට මෙතෙක් තීරණය කර නැතැයි ද එම පාර්ශවයේ ප්‍රබලයකු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න