Language Switcher

V2025

16 කණ්ඩායමේ 4ක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට ගිහින් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී පසුගිය 8 වනදා පැවති අතර ඊට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16දෙනාගෙන් සිවු දෙනෙකු ද සහභාගි වී ඇති බව වාර්තා වෙයි.

ඒ  එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන්ය.

ශ්‍රීලනපිය හා එජාපය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව තුල තවදුරටත් රැඳී සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනා බවට 16 කණ්ඩායම් විසින් අවස්ථා කිහිපයකදීම පැවසුවද මෙම මධ්‍යම කාරක සභාවේ දී ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැත.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවද වාර්තා වෙයි.