16 කණ්ඩායමේ 4ක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට ගිහින් !

16 කණ්ඩායමේ 4ක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට ගිහින් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී පසුගිය 8 වනදා පැවති අතර ඊට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16දෙනාගෙන් සිවු දෙනෙකු ද සහභාගි වී ඇති බව වාර්තා වෙයි.

ඒ  එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන්ය.

ශ්‍රීලනපිය හා එජාපය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව තුල තවදුරටත් රැඳී සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනා බවට 16 කණ්ඩායම් විසින් අවස්ථා කිහිපයකදීම පැවසුවද මෙම මධ්‍යම කාරක සභාවේ දී ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැත.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න