වර්ජනය අවසන් කරන තුරු සාකච්ඡා නෑ - මංගල

වර්ජනය අවසන් කරන තුරු සාකච්ඡා නෑ - මංගල

දුම්රිය සේවකයින්ගේ අසාධාරණ හා අශිලාචාර වැඩවර්ජනය නතර කරන තෙක් ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මහා භාණ්ඩාගාරය සුදානම් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අද (10) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍යහමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් රජයක් ලෙස ඊට මුහුණ දීමට සුදානම් යැයි ද සඳහන් කර ඇත.

එසේම දුම්රිය මගින්ගේ අපහසුතා මග හැරවීමට පෞද්ගලික බස් රථ යෙදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද එහිදී ඇමැතිවරයා සඳහන් කළේය.

මීට කළින් සාකච්ඡා සඳහා ආරාධනා කළා !

කෙසේ වුවත් අදාළ වර්ජනය ආරම්භ කල පළමු අවස්ථාවේ අමාත්‍යවරයා වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති වෙත දැනුම්දී සිටියේ ජනතාව දුෂ්කරතාවට පත්නොකර සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසඳා ගැනීමට පැමිණෙන ලෙසය.

නමුත් දුම්රිය වෘත්තීය සමිති ඒ ගැන කිසිඳු තැකීමක් සිදුනොකළ අතර තම ඉල්ලීම් ලබාදෙනතුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවටද තර්ජනය කරනු ලැබිණ.

වර්ජන නායකයින් පොහොට්ටුවේ !

මේ අතර අනාවරණය වන තවත් සිදුවීමක් වන්නේ මේ අසාධාරණ වර්ජනය මෙහෙයවීම පිටුපස දේශපාලන හස්තයක්ද ක්‍රියාත්මකව ඇති බවය.

විශේෂයෙන් පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් ජනතාව පීඩාවට පත්කර ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමේ සැලසුමක් මත මේ ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වන අතර ඊට අදාළ ජායාරූප ද සමාජ මාධ්‍යජාලා තුළ සංසරණය වෙමින් පවතී.

38814375 10216819681906045 6243383728135995392 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න