සුපිරි ඉන්ධන මිල පමණක්  ඉහළට !

සුපිරි ඉන්ධන මිල පමණක්  ඉහළට !

අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළයාමක් සිදුවන්නේ ඉන්ධන වර්ග දෙකක පමණක් බවත් අනෙක් කිසිවක මිල සංශෝධනයක් සිදුනොවන බවත් වාර්තා වෙයි.

ඒ අනුව  ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන රුපියල් දෙකකින් හා සූපර් ඩීසල් මිල රුපියලකින් පමණක්  වැඩි වී තිබේ.

නමුත් සාමාන්‍ය ඩීසල් මිල ගණන් වෙනස් නොවෙන අතර, එය රුපියල් 118 කටත් ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන මිල ද වෙනස් වී නොමැති අතර, එය රුපියල් 145 ක් ලෙසත් පැවති මිලටම  පවතී. 

අද (10) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මේ බව නිවේදනය කල අතර ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 157 දක්වා ත් රුපියල්  129 ක්ව පැවති  සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට 130 ක් දක්වා සංශෝධනය වී ඇත.

ඉන්ධන මිල සුත්‍රය හඳුන්වා දෙමින් සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය වන බව රජය දන්වා සිටි අතර මෙවර මැදපෙරදිග පවතින ඉන්ධන මිල ගණන් අනුව මෙම මිල සුත්‍රය ගණනය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න