ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකෝ) ප්‍රධාන ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා වාහන ණය ලබාගෙන ඇත්තේ ආයතනයේ රෙගුලාසිවලට අනුකූලව නොවන ආකාරයට බව හෙළි වී ඇත.
රුපියල් 2575000 ක් වන එම ණය මුදල 2013.05.22 දින KV 9520 දරන ටොයොටා කාර් රථය මිලදී ගෙන තිබේ. අප්‍රෙල් 19 දින ලබාගත් චෙක්පතින් ඔහු වාහනය මිලදී ගෙන ඇත්තේ මැයි 25 දින දීය. ඒ අනුව මසකට වැඩි කාලයක් වාහනය මිලදී ගැනීම සඳහා ඔහු ගත කර ඇත.
වාහන ණය දීමේ පිළිවෙත අනුව චෙක්පත් නිකුත් කරනුයේ විකුණුම්කරුවාට මිසෙක ගැනුම් කරුවාට නොවේ. නරේන්ද්‍ර ද සිල්වා මිල දී ගත් KV 9520 දරන ටොයොටා වර්ගයේ රථයේ මුල් අයිතිකරුවා වන්නේ ඔහුගේ භාර්යාව වන සාගරිකා ද සිල්වාය. මෙයද බරපතල වැරැද්දක් බව වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.
මේ අනුව යමින් ලෙකෝ ආයතනයේ තවත් ඉංජිනේරුවන් තිදෙනෙකු වාහන ණය නිකුත් කිරීමට අදාළ කොන්දේසි කඩ කරමින් වාහන ණය ලබාගෙන ඇති අතර ඉන් එක් අයකු රුපියල් ලක්ෂ 65 ක් ලබාගෙන වාහනයක් මිලදී නොගෙන මුදල සිය බැංකු ගිණුමෙහි තැන්පත් කර ඇති බවද දැනගන්නට ඇත.
ප්‍රධාන ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා වාහන ණය කොන්දේසි කඩකරමින් වංචා සහගතව ලබා ගැනීම පිළිබඳ ලංකා විදුලි පෞද්ගලික ආයතනයේ සභාපති ලාල් ගුණසේකරගෙන් විමසූ විට පැවසුවේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් කසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. ලෙකෝ හි ප්‍රධාන ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වාගෙන් විමසීමේදී ඔහුද එම කරුණම ප්‍රකාශ කළේය.
රාවය

