බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් 640,000 ක් වටිනා පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවන්නට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නියෝග කර ඇති බව වාර්තා වෙයි.
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සභා ශාලාව සදහා රුපියල් 640,000 ක් වටිනා පුටු 125 ක් ගෙන්වීම සදහා ටෙන්ඩරයක් කැදවා ඇති බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත්ව ඇත.
කෙසේ වුවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මාධ්‍ය වෙත සඳහන්කර සිටින්නේ අදාළ තීන්දුව වෙනස් නොකරන බවය.

