දුම්රිය වර්ජනය දේශපාලන ගේමක් : ජනපති හමුවී වර්ජනය අත්හරියි !

දුම්රිය වර්ජනය දේශපාලන ගේමක් : ජනපති හමුවී වර්ජනය අත්හරියි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සමඟ  අද (12) පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. 

ඒ තම ඉල්ලීම් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දුවූ නිසා බවද වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

වර්ජනයේ මහ මොළකරු බැසිල් 

 කෙසේ වුවත් දුම්රිය මගීන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත බවත්, මෙම වැඩවර්ජනයේ ක්‍රියාකාරී නායකයකු වන දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බවත් මේ වන විටත් අනාවරණයවී හමාරය.

දුම්රිය වැටුප් ප්‍රශ්නය ඇතුළුව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් වැටුප් කොමිසමක් පත්කිරීමටත් එතෙක්  ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාමය විසඳුමක් වෙනුවෙන් පැමිණෙන ලෙස ආණ්ඩුවෙන් යෝජනා වුවත් වෘත්තීය සමිති ඒ පිළිබඳ තැකීමක් නොකර සිටියේද අදාළ දේශපාලන හස්තය නිසා බවද එහිදී තහවුරු ව තිබිණ.

එසේම අසාධාරණ දුම්රිය වර්ජනයට වගකිව යුත්තේ ආණ්ඩුව බවට තහවුරු කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පාර්ශව උත්සාහ ගත්තද එයද සාර්ථක වූයේ නැත. ජනතාව දිගින් දිගටම අදහස් පළකර සිටියේ දුම්රිය වර්ජනය පටු ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම වෙනුවෙන් සිදුකළ පහත් ක්‍රියාවක් බවය.
 වර්ජනයට සම්බන්ධ නොවූ දුම්රිය වෘත්තීය සමිති පවා ඒ බව තහවුරුකර තිබිණ.

රාජ්‍ය යාන්ත්‍රණයම අර්බුදයට යැවීමේ උත්සාහයක් !

එසේම මේ වර්ජනයේ අරමුණ වී තිබුණේ යම් ආකාරයකට වර්ජකයන්ගේ ඉල්ලීමට එකඟව තෝරාගත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක පමණක් වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කළා නම් සමස්ථ රාජ්‍ය සේවයේම  පැණනගින වැටුප් විෂමතා සකසන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනයකට යොමුකරවීම බවද දැනගන්නට ඇත.

රජය තද තීරණයක : මාස දෙකක් වර්ජනය කළත් කරන්න දෙයක් නෑ !

මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඊයේ (11) කියාසිටියේ දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ ද අසාධාරණ ඉල්ලීම්වලට කිසිසේත් රජය එකග නොවන බවය.

මුදල් අමාත්‍යාංශය විසින් වැටුප් විෂමතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බවත්  එම දෙමසක කාලය දක්වාම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද මීට වඩා විසඳුමක් ලබා දිය නොහැකි බවද එහිදී  නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න