අගෝස්තු 24 වනදා : ආණ්ඩුව  ගලඋඩ සටනක !

අගෝස්තු 24 වනදා : ආණ්ඩුව  ගලඋඩ සටනක !

යෝජිත පළාත් සභා මැතිවරණය ගැන තීරණාත්මක ඡන්ද විමසීමකට යාමට රජය තීන්දුකර ඇත. ඒ අනුව දැනට ප්‍රධාන දේශපාලන පක්ෂ අතර කිසිදු එකඟතාවක් නැති නව මැතිවරණ ක්‍රමයට අදාළ සීමානිර්ණය කමිටු වාර්තාව ලබන 24දා මැතිසබයට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම්කර තිබේ.

පවත්නා නීතිමය ප්‍රතිපාදන අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් ඊට පෙර සීමානිර්ණය වාර්තාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතුය. එහෙත් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරණි මනාප ඡන්ද ක්‍රමයටද නැතහොත් නව මැතිවරණ ක්‍රමයටද යන්න ගැන ප්‍රධාන පක්ෂ අතර කිසිදු එකඟතාවක් නැත. රජයේ හවුල්කාර පක්ෂ ගණනාවක නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන්, මනෝ ගනේෂන් ආදීන් සහ එ.ජා.ප.යද පැරණි මැතිවරණ ක්‍රමයට කැමැත්ත පළකර තිබේ. දෙමළ ජාතික සන්ධානය තවමත් මේ ගැන වැටඋඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඒකාබද්ධ විපක්ෂයද වාර ගණනාවක් කියා ඇත්තේ පැරණි මනාප ක්‍රමයට තමන් කැමැති බවය. එහෙත් ඔවුන් මේ ගැන අවසන් තීන්දුවක් ගෙන නැත.

එසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරැමය අලුත් ඡන්ද ක්‍රමය අනුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව තරයේ ප්‍රකාශ කරයි. මෙම මතගැටුම පළාත් සභා සීමා නිර්ණය වාර්තාවට අදාළ ඡන්දයේදීත් ප්‍රකාශ කෙරෙනු ඇතැයි දේශපාලන පක්ෂ නායකයන් ගණනාවක්ම දේශයට පැවසූහ. පොදු එකඟතාවකින් තොර මැතිවරණ ක්‍රමයට අදාළ සීමා නිර්ණය වාර්තාව මැතිසබා ඡන්ද විමසීමේදී පරාජය වුවහොත් පළාත් සභා මැතිවරණය ගැන ව්‍යාකූල දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකිය.

එවන් තත්ත්වයක් තුළ නැවතත් පළාත් සභා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කොට මැතිවරණ ක්‍රමය ගැනද එකඟතාවක් ඇතිකර ගන්නා තුරු ඡන්දය පැවැත්වීම අත්හිටුවීමට සිදුවෙයි.
(දේශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න