16 කණ්ඩායමට තවත් අවුලක්

16 කණ්ඩායමට තවත් අවුලක්

ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත්ව පසුගියදා ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16  මන්ත්‍රී කණ්ඩායම සඳහා තවදුරටත් අමාත්‍ය ආරක්‍ෂක වරප්‍රසාද හිමිව ඇතැයිවාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් වන ඔවුන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණය ඉක්ම වූ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ඇමති ආරක්‍ෂක පරිවාර රථද හිමිව ඇතැයි සඳහන්ය.

සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සඳහා ඇමති ආරක්‍ෂක කොට්ඨාස (MSD) නිලධාරීන් 08ත්, 16ත් අතර ප්‍රමාණයක් හෝ ඇතැම් විට 20ක පමණ ප්‍රමාණයක් මෙන්ම ඊට අවශ්‍ය පරිවාර රථද යෙදවෙන අතර, අදාළ නිලධාරීන් හා රථ නඩත්තුව සඳහා සැලකිය යුතු පිරිවැයක් රජය විසින් දරනු ලැබේ.

එවැනි තත්ත්වයක් තුළ අදාළ නිලධාරීන් හා නිල රථ වෙනත් රාජකාරි කටයුතුවල යෙදවිය හැකිව තිබියදී, අමාත්‍ය ධුරවලින් ඉවත්ව සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස විපක්‍ෂයද නියෝජනය කරමින් සිටින පුද්ගලයන්ට ඇමති ආරක්‍ෂක වරප්‍රසාද ලබා දී ඇති බව සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න