රජය උද්ඝෝෂණවලට බය නෑ - තලතා 

රජය උද්ඝෝෂණවලට බය නෑ - තලතා 

යහපාලන  රජය උද්ඝෝෂණවලට බය රජයක් නොවුනත් එම නිදහස ජනතාවට ලබා දී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ බලංගොඩ ඉඹුල්පේ කැපොක්වත්ත ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළේය.

“මේ හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම කරන්නේ රජයේ මුදලින් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ.රටේ අද හැම තැනකම උද්ඝෝෂණය කරනවා.

කණගාටුවෙන් වුණත් කියන්න ඕන තමුන්නාන්සේලා පිරිප්පුවලට සීනිවලට විදුලි බිලට ටෙලිෆොන් බිලට ගෙවන බදුවලින් ඉගෙන ගත්ත අය ඒ අය ඉදිරියට ගියාම අත දීපු අය අමතක කරලා රටට ජාතියට ණයයි කියන එක අමතක කරලා අද බදු ගෙවන්න කියපුවාම බදු අඩු කරන්න කියලා උද්ඝෝෂණය කරයි.

රටක ආදායම පවතින්නේ බදු මුදල් හරහා ගෙවන බදු අනුව,ණය හැටියට ගන්නා වු ආධාර අනුවයි.අපි පුරුදු වෙලා තියෙන්නේ ණය ආධාර ගන්න.
බිලියන දහ දාහක විතර ණයක් එක්ක තමයි අපිට 2015 ජනවාරි 08 වැනිදා රට භාර ගන්න වුණේ.

තමුන්නාන්සේලාගේ සීනී ඇටයට පරිප්පු ඇටයට විතරන් බදු ගහපු යුගයක් තිබුණා.අද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය ඉහළට ගිහිල්ලා බදු ගෙවන්න කියපුවාම බදු ගෙවන්න බැහැ කියලා උද්ඝෝෂණය කරනවා මේ රජය උද්ඝෝෂණවලට බය රජයක් නෙමෙයි.

අපි ඒ නිදහස දීලා තියෙනවා.වෙඩි තියන්න එහෙමත් නැත්නම් මොනම හේතුවකටවත් ඒ අයට වෙන හානී කරන්න අදහසක් අපේ නැහැ.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යැයි කියා ගන්නා අය උදේට ඉස්පිරිතාලේ වැඩට ගිහිල්ලා හවසට චැනල් සෙන්ටර්වලට ගිහිල්ලා මොන විදිහට මුදල් ප්‍රමාණයක් හම්බ කරනවා ද මේවා කරන්න යන කොට සමහර අය කැමති නෑ.

අපිට කෙයිතරම් සම්පත් රටක් ලෙස තිබුණත් ණය ආධාර මත තමයි අපි යැපෙන්න හදන්නේ.ආණ්ඩුවේ සල්ලි කියන්නේ ජනාධිපතිතුමාගේවත් අගමැතිතුමාගේවත් සල්ලි නෙමෙයි.

මේවා අපේ සල්ලි.ඒ නිසා ඒවා අපතේ යවන්න නීති විරෝධී ලෙස දුෂීතව වියදම් කරන්න කාටවත් අයිතියක් නැහැ.තමුන්නාන්සේලාගේ මුදල් කොල්ල කන යුගයක් දැන් මේ රටේ නැහැ.සමහර අය අහනවා මේ ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ කියලා.මම ඕන කෙනෙකුට අභියෝග කරනවා .

ඒ අයගේ  අර අවුරුදු 20 ට වඩා මේ වසර 3 නේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියලා.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න