ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන අය සිය ප්‍රකාශ ලබා දෙමින් සිටින බව වාර්තා වෙයි.
මෙම ආයතනයන්හි සිදු බව කියන විවිධ අක්‍රමිකතා දුෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් විවිධ ප්‍රකාශ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබු අතර ඒ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය දැනගැනීම සඳහා කොමිසම මගින් ඔවුන් කැඳවා තිබේ.
උදෑසන 8.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ සාක්කි ලබා දීම සඳහා පැමිණ ඇත.

