රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාල උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරිම ජනාධිපතිවරයාට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගෙන ඇති අතර ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය 21 වනදා ප්‍රකාශයට පත් කරන ලද අංක 2085/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය.
එම ගැසට් නිවේදනයට අනුව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ තිබු උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරිමේ බලය ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත.
රටවල් දෙකක් අතර උදර්පණ නීතිය සම්බන්ධයෙන් ගිවිසුම් ගත වී ඇති අවස්ථාවකදී අපරාධයක් සම්බන්ධයෙන් එක් රටක අධිකරණයකින් වරදකරුවකු වී සිටින පුද්ගලයකු තවත් රටක සැගව සිටින අවස්ථාවකදී යලි ගෙන්වා ගැනිමේ හැකියාව පවතියි.
කෙසේ වෙතත් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ විදෙස්ගතව සිටින සැකකරුවෙකු තමන් සැගව සිටින රටේ රජයට දේශපාලන හේතුවක් නිසා තමන් අත්අඩංගුවට ගැනිමට සුදානම් වන බව සනාථ කලහොත් සැකකරු යලි භාරදිමක් සිදුවන්නේ නැත.

