පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කිරීමට අපේක්ෂිත බවද එහි සඳහන්ය.
එසේම සැත්කම්, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ඇතුලු විවිධ අයකිරීම් මෙහිදී නියාමය කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
තවද මිල නියාමනය කිරීමේ අවසන් ලැයිස්තුව කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් දී ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

