ඥානසාර හිමියන් වෙනුවෙන් බුද්ධ ශාසන ඇමති මැදිහත් වෙයි !

 ඥානසාර හිමියන් වෙනුවෙන් බුද්ධ ශාසන ඇමති මැදිහත් වෙයි !

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම්  සම්බන්ධව තමන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසා ඇත.

වාර්තා වන ආකාරයට බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් බුද්ධශාසන අමාත්‍යාංශයට පැමිණ ඥානසාර හිමියන් සම්බන්ධව සාකච්ඡා කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත.

ඥානසාර හිමියන්ට නිදහස ලබාගැනීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයට කළ හැකි සියලු මැදිහත්වීම් සිදුකරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

තමන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටින බවත්,හැකි සෑම විටම උන්වහන්සේලාගේ ජාතික හා ශාසනික කටයුතු සඳහා සහාය ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න