මහින්දානන්දගේ නඩුවත් ඔක්තෝබර් 31ට කල්යයි ! 

මහින්දානන්දගේ නඩුවත් ඔක්තෝබර් 31ට කල්යයි ! 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝම්බර් 31 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ අද(23) කැඳවනු ලැබූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, මෙම නඩුවට අදාළ කාර්ය සටහන් පසුගිය 21 වනදා තෙක් තමන් වෙත ලැබි නොමැති බවත් එම නිසා එම නඩුවේ වැඩිදුර විභාගය වෙනත් දිනයකට කල් දමන මෙන් ය.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න නඩු විභාගය ඔක්තෝම්බර් මස 31 දක්වා අද වීමට තීන්දු කළේය.

මේ අතර විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත්ත මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට   සැප්තැම්බර් මස 7 වනදා සිට 17 දක්වා කාලසීමාව තුළ චීනයේ සංචාරය කිරීම සඳහා දැනට පනවා තිබෙන ගුවන් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමටද නියම කළේය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සැප්තැම්බර් මස 18 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවටද අදාළ  නියෝගයේ සඳහන් බව වාර්තා වෙයි.

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට  එරෙහිව චෝදනා එල්ල වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න