සියලු ජාතීන් වෙනුවෙන් වූ ව්‍යවස්ථාවකට මහියංගන ජනතාවගේ කැමැත්ත

සියලු ජාතීන් වෙනුවෙන් වූ ව්‍යවස්ථාවකට මහියංගන ජනතාවගේ කැමැත්ත

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන අද (23) මහියංගනය - සොරබොර ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

ඉහළ ජන සහභාගීත්වයක් සහිතව පැවති මෙම වැඩසටහනට එක්වූ ජනතාව විවිධ අදහස් දැක්වූ අතර ඊට සහභාගී වූ පාරම්පරික ගොවි මහතෙකු වූ ඩබ්. එම්. දිසානායක මහතා  අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඊමට තමන් ඉහළින්  ම මනාපය පළකරන බවයි.
එහිඩී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"අපි සමඟියෙන්, සංහිඳියාවෙන් ඉන්න කැමති මිනිස්සු. අපි කැමතියි මේ රටේ සැබෑ සාමයක් ඇති වෙනවට. මම නිතරම ප්‍රවෘත්ති අහන බලන මනුස්සයෙක්. ඒ නිසයි මම කියන්නේ සාමය සංහිඳියාව වෙනුවෙන් වූ නව ව්‍යවස්ථාවක් ගෙන එනවට අපි කැමතියි. මම නම් ඒ ව්‍යවස්ථාවට අනිවාර්‍යෙන් ඡන්දය දෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල තියන අලි ප්‍රශ්ණ, උග්‍ර ජල සහ නියං ප්‍රශ්ණ ගම්පෙරලිය, ග්‍රාම ශක්ති වගේ වැඩසටහන් හරහා හෝ විසඳලා දෙයි කියලා අපි බලපොරොත්තු වෙනවා"

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම වැඩසටහන හෙට  (24) හවස 3.00 ට පදියතලාව ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය.

IMG 20180823 115013

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න