24 එන සීමා නීර්ණයේ අවුලක් ගියොත් : විකල්පය මෙන්න

24 එන සීමා නීර්ණයේ අවුලක් ගියොත් : විකල්පය මෙන්න

පළාත් සභාවල කොට්ඨාස වෙන් කෙරෙන සීමා නිර්ණය වාර්තාව හෙට (24) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත් ඒ සඳහා විකල්පයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊට අනුව පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණහොත් ඒ සඳහා පළාත් සභා පනතට අනුව විශේෂ කමිටුවක් පත්කර එම කමිටුව මගින් වාර්තාව නැවත සලකා බැලිය හැකියාව ඇත.

කතානායකවරයා විසින් එම කමිටුව පත්කළ යුතු අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද වාර්තා වෙයි.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මගින් එම පනත මාස දෙකක් ඇතුළත සලකා බලා ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්තාව ජනාධිපතිවරයා පිළිගන්නේ නම් සීමා නිර්ණය වාර්තාව සම්මත වූවාසේ සැලකිය හැකි බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේ වුවහොත් නව මැතිවරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි වනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න