සුසිල්,ජෝන්,යාපා, චන්දිම ඇතුළු 7ක් : ශ්‍රීලනිප ආසනවලින් දොට්ට ! 

සුසිල්,ජෝන්,යාපා, චන්දිම ඇතුළු 7ක් : ශ්‍රීලනිප ආසනවලින් දොට්ට ! 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ තාරානාත් බස්නායක යන මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර සම්බන්ධව දැඩි තීන්දුවක් ගැනීමට සූදානමක් ඇති බව  ශ්‍රීලනිප මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ  පක්ෂයේ සංවත්සරයට සහ මහ සමුළුවට පෙර බල මණ්ඩල රැස්වීම පවත්වා අවසන් කරන ලෙසට දන්වා තිබියදී ඔවුන් ඊයේ (22දා) වනතුරුත් ඒ පිළිබඳ කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැතිවීම නිසාය.

පක්ෂ මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අවම වශයෙන් බලමණ්ඩල රැස්වීම පවත්වන්නේ නැතිද? පවත්වනවා නම් ඒ කවදාද ? යන්න පිළිබඳ කිසිඳු දැනුම්දීමක් කිරීමට මේ පිරිස කටයුතු කර නොමැත.

මෙම මන්ත්‍රි පිරිස අතර පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරුන් තිදෙනකු සිටීම මෙහි ඇති විශේෂත්වය වන අතර මේ හේතුව නිසාම වහාම මොවුන් පක්ෂ ආසන සංවිධායක ධූර වලින් වාහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමටත් ඒ වෙනුවට නව ආසන  සංවිධායකවරුන් පත්කිරීමටත් පක්ෂය තුළ සාකච්ඡාවක් මතුව ඇති බවද දැනගන්නට ඇත.  

එසේම මොවුන් දිගින් දිගටම පක්ෂ විනයට පිටුපාමින්  ආසනවල සංවිධාන කටයුතු දුර්වල කර ඇති බවට බිම් මට්ටමේ පක්ෂ ක්‍රියාකාරීන් පැමිණිලි කර ඇති බවද වාර්තා වෙයි.
ආසනවල සංවිධායක කටයුතු දුර්වල නම් හා ඒ සඳහා පත් කිරීමට සුදුසු අය වේ නම් ඒ පිළිබඳව කරුණු දක්වන ලෙසට ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරුන් හට දැනුම්දී තිබෙන බවද වාර්තා වෙයි.

එස්.බී, ඩිලාන්, දයාසිරි ඇතුළු පිරිස ජාමේ බේරාගෙන 

කෙසේ වෙතත් ඇමැති තනතුරු අත්හැර විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රිවරුන් අතරින් සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තිලංග සුමතිපාල යන අය ඉදිරි සතිය තුළ බල මණ්ඩල රැස්වීම් පවත්වන බවට දැනුම් දී ඇතැයි ද ශ්‍රීලනිප පක්ෂ මුලස්ථාන ආරංචිමාර්ග අන් කරන අතර ඊට අමතරව එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුන් ආසන බල මණ්ඩල පිහිටුවා ඇති බව දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.

සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රිවරයාද බල මණ්ඩල පිහිටුවා නොමැති වීම නිසා ඔහුගේ ආසන සංවිධායක තනතුර ඉවත් කිරීමට පසුගියදා පියවර ගැනුණි.

කෙසේ වෙතත් ඉවත් නොකරන ආසන සංවිධායක තනතුරුවලට සංවිධායනයකින් පත්කිරීම සඳහා වන කමිටුව අද (23දා) පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න