දුම්රිය වෘත්තිය සමිති ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ අතර අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කරයි.
දුම්රිය අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න සඳහන් කරන්නේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු කිරිම සඳහා තවත් මාස දෙකක් කල් ඉල්ලීම හේතුවෙන් තම වෘත්තීය සමිති නියෝජිතයෝ සෑහීමකට පත් නොවී කළකිරිමෙන් යුතුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි බවය.
මේ අතර කළකිරිමට පත් වෘත්තිය සමිති නියෝජිතයන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සඳහා අද (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද වාර්තා වෙයි.

