එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් ..........

එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් ..........

එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ “ v 2025” දැක්ම යටතේ ග්‍රාමීය ව්‍යවසායකයන්ට අත දීම මූලික අරමුණ කරගත් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගලදී අද (29) පස්වරුවේ විවෘත කෙරිණි.

රජය සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශණ කුටි 512 කින් සමන්විත ප්‍රදර්ශනය කලාප 12 කින් යුක්ත වන අතර අක්කර 22ක භූමියක ව්‍යාප්තව පවතී.
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක්විය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර,  නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය ලබන 31 වැනිදා තෙක් පැවැත්වේ.

20180829164440 IMG 4520

20180829170846 IMG 4557

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න