ලංකාව දියුණු රටක් කිරීමේ වැඩපිළිවෙල මොණරාගලින් පටන් ගත්තා - අගමැති

ලංකාව දියුණු රටක් කිරීමේ වැඩපිළිවෙල මොණරාගලින් පටන් ගත්තා - අගමැති

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල මෙම වසරේ සිට ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පසුගිය වසර තුන තුළ රට ණය බරින් මුදවා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවය.

මොරණරාගල පැවැත්වෙන “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා”  ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (29)  එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා, 

‘‘වසර 2015 මුල් මාසයේ දී සහ වසර අගභාගයේ දී රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් අපටත් ජනවරම් දෙකක් ලබා දුන්නා. අපි ඒ තුළින් රටට වෙනසක් ගෙන ආවා.

මුල් කාලයේ රටට දැනෙන වෙනස සිදු කළේ විශාල බාධක අභියෝග මැදයි. අපි පසුගිය රජය ලබාගත් අති විශාල ණය කන්දක් ගෙවුවා. රටේ සාමය හා සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගුවා. අද ගමට ඇගට දැනෙන සංවර්ධනය ගෙන ඒම ආරම්භ කළා. අපි මොනවද කළේ කියල සමහරු අහනවා. අපි ඒ අයට ක්‍රිකට් ක්‍රීඩාවෙ කතා කරන භාෂාවෙන් පිළිතුරු දෙන්න සූදානම්. 

අපි පළමු වසර තුනේ කළේ කඩුල්ල ආරක්ෂා කර ගැනීමයි. පන්දු හොඳට පැහැදිලිව බලල සංයමයෙන් ක්‍රීඩා කළා. කඩුළු වැටෙන්න දුන්නේ නෑ. අපේ පිතිකරුවන් කඩුලු නොදී අවශ්‍ය ඉලක්කයට ලකුණු දැන් ගෙනවිත් තියෙනවා. ඉදිරියේ දී අපේ පිතිකරුවන්ට අවශ්‍ය තරමට ලකුණු ගහන්න තමයි දැන් තියෙන්නෙ. ඒ සඳහා අපේ පිතිකරුවන් සූදානම් විය යුතුයි. ‘‘ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යලය අසල අක්කර 22ක බිමේ ඉදිකොට තිබෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි 520කට ආසන්න ප්‍රමාණයක් නැරඹූ අගමැතිවරයා  ප්‍රධාන වේදිකාවේ පැවැති උත්සව අවස්ථාවට එක්වුයේ ඉන් අනතුරුවය.

DSC 4001

තමාගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ණයක් ගන්න ගිය මිනිසුන් දුෂ්කරතාවට පත්වූ සමය අවසන් 

එහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් සම්භාවනීය අමුත්තන් පිළිගත් අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජනතාව ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වැනි කටයුත්තක් සඳහා බැංකුවට ණයක් ගැනීමට ගියවිට මීට පෙර  දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවූ බවත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර සිටියේ එම දුෂ්කරතා මඟහැරීමට බවය.

එසේම පොළී රහිත ණය මෙන්ම අතිවිශාල පොළී සහන ඇතුළත් ණය ක්‍රම රැසක් මේ තුළ අඩංගු බවත් ඒ හරහා ව්‍යවසායකයින් රැසක් බිහිකිරීම රජයේ අපේක්ෂාවද වන  බව අමාත්‍යවරයා පැවසීය.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාතට සුවසැරිය ගිලන් රථ සේවය ඇරැඹීම, ඉඩම් ඔප්පු හා හිමිකම් ඔප්පු ප්‍රදානය, ණය යෝජනා ක්‍රම දියත් කිරීම ඇතුළු කටයුතු රැසක්ද  මෙහි දී සිදු විය

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ධීවර ජලඡ සම්පත් හා ග්‍රාමීය කටයුතු ඇමැති විජිත් විජියමුණි ද සොයිසා, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි,අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ගාමිණී ජයවික්‍රම පෙරේරා, තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී. රැකව, මොණරාගල දිස්ත්‍රික් ලේකම් බී.එස්. පද්මකුලසූරිය, පළාත් සභා පළාත් පාලන ආයතන මහජන නියෝජතයන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

එසේම මොණරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස තුනේ අති විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

මෙම ප්‍රදර්ශනය අද(30) සහ හෙට(31) යන දෙදින ද පැවැත්වීමට නියමිතයි.

{gallery}entre_M{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න