මැණික් සහ රන් ප්‍රශ්න අරගෙන : සුවපති ජනපතිට ළඟට ! 

මැණික් සහ රන් ප්‍රශ්න අරගෙන : සුවපති ජනපතිට ළඟට ! 

මැණික් කර්මාන්තයේ නිරතව සිටින වෙළෙද ව්‍යාපාරිකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන් කටයුතු කළ බවත්  ඒ අනුව එම ගැටලු පිළිබදව ජාතික ආර්ථීක සභාවේ දී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර  ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.  

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කිරීමේ තීරණය ඉවත් කිරීම, මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයේ දී ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් පනවන ලද සියයට 0.5 අපනයන සේවා ගාස්තුව, දුෂ්කරතා ඇති කරන අපනයන ප්‍රතිපත්ති ඇතුලු කරුණු රැසක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

තවද මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කිරීමේ තීරණය ඉවත් කිරිම නිසා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පමණ විදේශ විනිමය නොලැබෙන බව එම සංගමයේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන් බවත්  මැණික් ගල් වෙළෙදාම මැඩගස්කරය, නයිජීරියාව, මොසැම්බික් යන රටවල් ද ඇතුලත් වන පරිදි කේන්ද්‍රගතව තිබෙන නිසා ආදායම අඩුවීමේ තත්ත්වයක් මතුව ඇති බව මැණික් සහ ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කල බවත් නිවේදනයේ දැක්වේ.

මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් භාණ්ඩ සදහා වන රේගු බදු ඉහළ නැංවීම හේතුවෙන් ස්වර්ණාභරණ කර්මාන්තයට ද අහිතකර ප්‍රතිඵලවලට මුහුණපෑමට සිදුව ඇති බව එම කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවද නිවේදනයේ  සන්ධාන්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න