හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ශ්‍රී ලංකන් - මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ සජින් වාස් ගුණවර්ධන ප්‍රකාශයක් ලබාදීම සඳහා එසේ පැමිණ ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද (30) දිනයේ ද කොමිසම වෙත පැමිණ තිබෙන බවද වාර්තා වෙයි.
මෙම විමර්ශනයට අදාළව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඊයේ (29) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණ ප්‍රකාශ ලබාදී තිබිණි.

