ශ්‍රීලනිප හයිය සැප්තැම්බරයේ බලාගන්න  - නිමල් 

ශ්‍රීලනිප හයිය සැප්තැම්බරයේ බලාගන්න  - නිමල් 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට පත්කර සිටින තාවකාලික  නිලධාරී මණ්ඩලය වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීම සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී සිදුකරන බව එම පක්‍ෂයේ උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කර ඇත්තේ  ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අදාළ නව නිලධාරී පත්කිරීම්  ආසන බල මණ්ඩල නියෝජිතයින්ගේ ඡන්දයෙන් සිදුකරන බවත් නව මධ්‍යම කාරකසභාවක් ද පත්කරගැනීමට නියමිත බවත්  අමාත්‍යවරයා පවසා ඇත.

 තවද පක්‍ෂ ආසන බල මණ්ඩල හා කාන්තා, තරුණ ආදී සියලූ බලමණ්ඩල ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති බවත් ඉදිරි දෙසතිය තුළ සියලූ බල මණ්ඩල පිහිටුවා අවසන් කරන බව ද අමාත්‍යවරයා පවසා ඇත.

එසේම  ඔක්තෝබර් මාසයට පෙර පක්‍ෂ සම්මේලනය පවත්වන බව කී ඇමතිවරයා පක්‍ෂයේ ශක්තිය පිළිබඳව විරුද්ධ පාක්‍ෂිකයින්ට එදිනට දැනගැනීමට හැකිවන ඇතැයි ද කීවේය.

සම්මේලනය පැවැත්වීම කල්දමන්නේ එය සංවිධානය කිරීමේ ශක්තියක් පක්‍ෂයට නොමැති නිසා බවට එල්ල වන චෝදනා එහි සංවිධාන කමිටු සභාපතිවරයා වශයෙන් තමන් ප්‍රතික්‍ෂ්ප කරන බව ද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න