ඔයා නාම යෝජනා අරගෙන රජ වෙන්නද? මධුෂාගෙන් අප්පොච්චි අහලා

ඔයා නාම යෝජනා අරගෙන රජ වෙන්නද? මධුෂාගෙන් අප්පොච්චි අහලා

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභාවට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය අයදුම්කළ රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ වෙතින් එම පක්ෂයේ නාම යෝජනා කමිටුව ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බවට චෝදනාවක් එල්ලවී ඇත.

මේ පිළිබඳ පසුගිය දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි අතර කතා බහක් පැවතියත් මධුෂා රාමසිංහ මේ වන විට අදාල සිදුවීම මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

එහිදී මාධ්‍ය වෙතද අදහස් දැක්වූ මධුෂා රාමසිංහ පවසා සිටියේ නාම යෝජනා ලබාදීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලීම පිළිබඳ තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතද පැමිණිලි කළ බවය.

එහෙත් පළමුවර පැමිණිලි කළ අවස්ථාවේ දී නාම යෝජනා කමිටුව නියෝජනය කරන ලිංගික අල්ලස ඉල්ලු අයට තමන් හොඳ පාඩමක් උගන්වන බව පැවසුවත් පසුව හිටපු ජනාධිපතිවරයා නිහඬ වූ බවත් “මට කරන්න දෙයක් නෑ, ඔයාට නාම යෝජනා අරගෙන රජවෙන්නද ?” යනුවෙන් පැවසු බවය.

කෙසේ වුවත් මැතිවරණ කොමිසම ඉදිරිපිට සිට මාධ්‍ය ඇමතු මධුෂා රාමසිංහ සඳහන් කර සිටියේ, රට ආරක්ෂා කළ නායකයා ලෙස තමන් හිටපු ජනාධිපතිව හැඳින්වුවත් රට ආරක්ෂා කළ ඔහුට අද තමන්ගේ පක්ෂ කාර්යාලය තුළ කාන්තාවක් ආරක්ෂා කරගන්න නොහැකි වීම කණගාටුදායක බවය.

කෙසේ වුවත් මධුෂා රාමසිංහ මේ පිළිබඳ සිය ෆේස් බුක් පිටුවේ තබා ඇති සටහනක "මල් රේණු" යනුවෙන් අන්වර්ථ නාමයක් යොදා අදාළ පුද්ගලයා පිළිබඳ ඉඟියක් ලබාදී ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න