ඇස්බැස්ටෝස්වල පිළිකා ඉවත්කළ කුරුමිණියට ප්‍රණාමය !

ඇස්බැස්ටෝස්වල පිළිකා ඉවත්කළ කුරුමිණියට ප්‍රණාමය !

'ඇස්බැස්ටෝස් ෂිට්ස්වල තිබු පිළිකා කාරක මුළුමනින්ම ඉවත්කළ කුරුමිණියට අපගේ ප්‍රණාමය පළකරමු !' යයි මුහුණු පොත්වල පලවී ඇති සටහනට මේවනවිට පුළුල් අවධානයක් යොමුව ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තියකට අනුව ශ්‍රී ලංකා රජය 2018 ජනවාරී මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට තීරණය කර තිබිණ.

ඒ අනුව 2020 වසර වන විට ඇස්බැස්ටෝස් සෙවිලු තහඩු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම රජයෙ දැක්මවිය.

ඒ සදහා රජය හා ජනපතිවරයා ගොඩ නගා තිබු තර්කය වුයේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ස්වසන පිළිකා කාරකයකි යන්නයි.

කැප්රා කුරුමිණියා :

කෙසේවුවද ශ්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක කිරීම කල් දැමීමට 19 දා පැවති කැබිනට් රැස්වීමේදී ආණ්ඩුව තීරණය කළේය.

ඒ, ශ්‍රී ලංකා තේ ආනයනයට රුසියානු රජය තහනමක් පැනවීමත් සමගය.

ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලද තේ පෙට්ටියක කැප්රා කුරුමිණි (Khapra beetle) බිත්තර සොයා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම සඳුදා (දෙසැම්බර් 18) සිට තාවකාලිකව අත්හිටුවන බව රුසියාව පසුගිය සතියේ නිවේදනය කළේය.

18දා සිට ක්‍රියාත්මක වන තේ තහනමට බලපෑ ඇත්තේ, ශ්‍රී ලංකා රජය විසින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය බව රාජපක්ෂ පාලන සමයේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් විය.

ඒ අනුව රුසියානු තේ තහනම එකට එක කිරීමක් බව ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.

කැප්රා කුරුමිණියා කරලියට පැමිණීමත් සමග ඇස්බැස්ටෝස් වල පිළිකා කාරක කතාව යටගියේය.

 සබැඳි පුවත් :

තේ අර්බුදයට හේතුවූ ඇස්බැස්ටෝස් තහනම ඉවතට !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න