මුල්‍ය නගරයේ ඉදිකිරීම් ඇමරිකානු සමාගමකට

මුල්‍ය නගරයේ ඉදිකිරීම් ඇමරිකානු සමාගමකට

කොළඹ වරාය නගරය ව්‍යාපෘතියේ ස්ථාපිත කිරීමට යෝජිත ජාත්‍යන්තර මුල්‍ය නගරය සඳහා වන ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම ඇමරිකා එක්සත් ජනපදයේ Skid more Owings & Merrill (SOM) ආයතනයට ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මේ සඳහා Skid more Owings & Merrill (SOM) ආයතනය තෝරාගෙන තිබෙන්නේ යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වන නිර්මාණ සැලසුම තෝරාගැනීම වෙනුවෙන් පවත්වනු ලැබූ ජාත්‍යන්තර තරගයක් හරහාය.

එසේම මුල්‍ය නගර සංකීර්ණය ඉදිකිරීම සඳහා වන ආයෝජනය ඩොලර් බිලියන 1ක් පමණ වන බවත් එය සෘජු විදෙස් ආයෝජනයක් වශයෙන් ලබාගැනීමට නියමිත බවත් රජයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඒ වෙනුවෙන් China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද වාර්තා වෙයි.

යෝජිත මුල්‍ය නගර සංකීර්ණය ඉදිකිරීම් කටයුතු 2018 වසරේ අග භාගයේ ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති බවත් එහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට මහජන අදහස් සඳහා විවෘත ඇති බවත් රජයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න