අන්තිමට බඩු මිල පාලනයත් මුදල් අමාත්‍යාංශයේ කර මත !

අන්තිමට බඩු මිල පාලනයත් මුදල් අමාත්‍යාංශයේ කර මත !

තෙල් මිල වැඩිවන විට වෙනත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඊටත් වඩා ඉහළ නැංවීම වැළැක්වීමේ වගකීම මුදල් අමාත්‍යාංශය විසින් භාරගෙන ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ  පැවසීය. 

ජාතික ආර්ථික සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව කී අමාත්‍යවරයා එය නතර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වගකීම මුදල් අමාත්‍යාංශය   මෙසේ භාරගෙන ඇතැයි ද සඳහන් කළේය. 

ජාතික පාරිභෝගික අධිකාරිය වඩාත් ශක්තිමත් කර අවශ්‍ය නම් අලූත් නීති රීති ද සම්පාදනය කරමින් පසුවිපරමක් සමඟ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජාතික ආර්ථික සභාව මගින්ද තීරණයක් ගෙන ඇති බව ඇමතිවරයා කීවේය.

 මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක වෙන්නේ කැබිනට් අනුමැතිය වගකිව යුතු නිලධාරී මණ්ඩලයක් මගින් බව කී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා එහිදී ජාත්‍යන්තර තෙල් මිල අනුව මිල තීරණය කෙරෙන බව ද ප‍්‍රකාශ කළේය. 

එයින් ජනතා සේවාවලට ගැටලූ ඇතිවෙනවා නම් ඒ ගැන සොයා බැලීමට ද රජය බැඳී සිටින බව කී අමාත්‍යවරයා ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවද කීවේය. දැනට තෙල් මිල ඉහළ මට්ටමක පැවතියත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වනු ඇතැයි ද අමාත්‍යවරයා  මහින්ද සමරසිංහ කියා සිටියේය.              

මිල සූත‍්‍රය අනුව තෙල් මිල වෙනස් වන විට අයුතු ප‍්‍රයෝජන නොගන්නා ලෙස  ව්‍යාපාරිකයින්ගෙනුත් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න