නාලකට ඇති චෝදනාව ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කර අග්‍රාමාත්‍යවරයා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු කිරීමට පොලිස්පතිවරයා  උපදෙස් ලබා ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දූෂණ විරෝධී බලකායයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා පසුගිය 12 වනදා මහනුවර ප්‍රදේශයේ  පැවති මාධ්‍ය හමුවකදී ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහතා සහ ඔහු අතර වූ දුරකථන සංවාද කිහිපයක් මාධ්‍යට නිකුත් කළේය.

එහිදී පටිගත කල දුරකථන සංවාදයක්ද විකාශය කළ අතර ඒ සම්බන්ධව මෙම විමර්ශන දියත්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න