රටට එල්ලවී ඇති චෝදනා වෙනුවෙන් ජනාධිපතිගෙන් විසඳුම් යෝජනාවලියක් ! 

රටට එල්ලවී ඇති චෝදනා වෙනුවෙන් ජනාධිපතිගෙන් විසඳුම් යෝජනාවලියක් ! 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට රටට එල්ල වී ඇති චොදනා සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත් වන බව ජනාධිපති මත්‍රීපාල සිරිසේන  පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ අද(14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

එළඹන 25 වනදා මෙම යොජනාවලි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට සමගාමීව මානව හිමිකම් පිළීබඳ නව මහ කොමසාරිස්වරිය ද පළමු වරට හමුවන බවත් ඇය ට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලි භාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වු බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

රටේ ආරක්ෂක තත්ත්වය කිසිලෙසකින් දුර්වල වී නොමැති බවත් හමුදාව නිරන්තරයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර ලොකයේ තිබෙන ප්‍රවනතා සැලකිල්ලට ගනිමින් තෙල් මිල සුත්‍රයක් හඳුන් වා දුන්නද තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් ගැටලූ පවතින බැවින් එය තවදුරටත් පවත්වාගෙන යන්නේ ද සංශෝධනය කරන්නේ ද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය
එමෙන්ම සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සෙවිම සදහා පත් කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න