විජයකලාට ඓතිහාසික නඩුවක් ! 

විජයකලාට ඓතිහාසික නඩුවක් ! 

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය යාපනයේදී කළ ප්‍රකාශයක් ගැන නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 157 (අ) ව්‍යාවස්ථාව යටතේ අභියාචනාධිකරණයට අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇති අතර එම වෘත්තීය යටතේ පවරන ශ්‍රී ලංකාවේ මුල්ම නඩුව මෙය වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති. 

එමෙන්ම දණ්ඩනීති සංග්‍රහයේ 20 වන වගන්තිය යටතේද ඇයට එරෙහිව නඩු පවරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ. 

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 157 (අ) ව්‍යාවස්ථා වගන්ති 12 කින් සමන්විත වන අතර හයවන සංශෝධනය යටතේ ඇතුළු වූ එය “ශ්‍රී ලංකාවේ දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම තහනම් කිරීම” යන විෂය ක්ෂේත්‍රයට අයත් වේ.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න