ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරීන් වහා කැඳවයි : නියෝගය ජනාධිපතිගේ

ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරීන් වහා කැඳවයි : නියෝගය ජනාධිපතිගේ

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලයම සිය රට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට  ජනාධිපතිවරයා හා ජනාධිපති කාර්යාලය විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වීම මීට ආසන්නතම හේතුව වී ඇත.

වැඩිදුරටත් ලැබී ඇති තොරතුරුවලට අනුව මීට අදාල පසුබිම් කතාව මෙසේය.

ජනාධිපතිවරයා රාජකාරි කටයුත්තක් සඳහා පසුගිය සැප්තැම්බර් 05 වෙනිදා ඔස්ට්‍රියාවේ වියානා නුවර වේලාවෙන් රාත්‍රී 7.31 ට ශ්‍රී ලංකාවේ තානාපතිනී ප්‍රියානි විජේසුන්දර මහත්මිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ දරා ඇත. 

තානාපතිතුමිය කාර්යාලයෙන් බැහැරව ගොස් ඇති බව ජනාධිපතිවරයාගේ දුරකථන ඇමැතුම ගත් සුළු සේවකයා පවසා ඇත. අනතුරුව දෙවැනියා කොහේදැයි ජනාධිපතිවරයා විමසා ඇත. 

දෙවැනි නිලධාරියා වන වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන ඒමට විශාල මෙහෙයක් කළ එජාප තරුණ අංශයේ ලේකම්වරයකු වන නාමල් විජයමුණි සොයිසා මහතා ය. ඔහු විදේශ ලේකම්ගේ ලිඛිත අවසරය මත ලඟදී පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයක පුර්ව වැඩ කටයුතු සඳහා වෙනත් නගරයකට ගොස් සිට ඇත.
ඒ වගද ජනාධිපතිගේ ඇමැතුම ගත් සුළු සේවකයා ජනාධිපතිට සැලකළ විට තවත් නිලධාරීන් කීප දෙනෙකු ගැන ජනාධිපතිවරයා විමසා ඇත. 

විදෙස් ලේකම්ගේ නියෝගයක් !

විදෙස් අමාත්‍යංශයේ වාර්තාවලට අනුව, දුරකථන ඇමැතුම ලබා ගත් සුළු සේවකයා  බව තානාපතිවරියගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ගනිමින් දැනුම් දී ඇත. 

ඉන්පසුව තානාපතිනී ප්‍රියානි මහත්මිය ඔස්ට්‍රියානු  වේලාවෙන් රාත්‍රී 7.40 ට ජනාධිපතිවරයාට දුරකථන ඇමැතුමක් ගෙන ඇති අතර ජනාධිපතිවරයා ඒ දුරකථන ඇමැතුමට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

ඇය යලි  දෙවතාවක් පමණ ඇමැතුම් ගත්තද ඒ කිසිවකට කිසිවෙකු ප්‍රතිචාර දක්වා නැත. කෙසේවුවද එම තානාපති කාර්යාලයේ සියලු දෙනාගේ සේවය අත්හිටුවා යලි ලංකාවට කැඳවීමට ජනාධිපතිවරයාගේ  නියෝග මත විදේශ ලේකම් මේවනවිට කටයුතු කර ඇත.

ඒ අනුව නොවැම්බර් 1 වෙනිදා වන විට තානාපතිවරියද ඇතුළු 26 ක් වූ සියළුම දෙනා ශ්‍රී ලංකාවට කැඳවා තිබේ. 

නොවැම්බර් 1 වෙනිදා තානාපතිනියගේ අවසන් දිනය ය. ජනාධිපතිගේ දුරකථන ඇමැතුමගත් සුළු සේවකයාද කැඳවා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න