දුම්රියට නව ජවයක් !

දුම්රියට නව ජවයක් !

ඉන්දීය ණය සහනාධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 318ක් වටිනා බලවේග කට්ටල දුම්රිය 12ක් (ද්විත්ව බලවේග කට්ටල 6ක්), දුම්රිය මැදිරි 160ක්, දුම්රිය එන්ජින් 10ක්, බහාලුම් දුම්රිය ගැල් 20ක් (කන්ටේනර් ප‍්‍රවාහනයට) සහ ඉන්ධන ගැල් 30ක්ද ගෙන්වීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය රයිට්ස් සමාගමෙන් බලවේග කට්ටල දුම්රිය සහ එන්ජින් ගෙන්වනු ලබන අතර, ඉතිරි සියල්ල ඉන්දීය දුම්රිය සමාගමක් Texmaco Rail & Engineering සමාගම විසින් සපයනු ඇත.

දුම්රිය මැදිරි සහ බලවේග දුම්රිය සියල්ල දුර සේවා සඳහා යෝජිත පරිදි සකස් කර නිෂ්පාදනය කිරීමට උපදෙස් දී ඇති අතර, වැඩි මඟීන් පිරිසක් ප්‍රවාහනය පිණිස දුම්රිය හා මැදිරි අඩි 65ක් හෝ ඊට වැඩි දිගකින් යුක්ත වන පරිදි නිෂ්පාදනය කිරීමට උපදෙස් දී ඇති බවද අමාත්‍යාංශය පවසයි.

ලබන වසරේ මැද භාගයේ සිට මේ දුම්රිය මෙරටට ලැබීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න