රුපියල අවප්‍රමාණය වීම ගැන : ඇමති මංගල කරුණු පහදයි !

රුපියල අවප්‍රමාණය වීම ගැන : ඇමති  මංගල කරුණු පහදයි !

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර ඊයේ  (18) පැවැති කැබිනට් රැස්වීමේදී  පෙන්වාදී ඇති බව වාර්තා වෙයි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යෑම ශ්‍රී ලංකාවට පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවන බවත් එය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට බලපාන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇතිවු සංවාදයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇති අතර එහිදී අමාත්‍ය  පාඨලි චම්පික රණවක ද පැහැදිලි කර ඇත්තේ  ඇමෙරිකාවේ පොලි අනුපාතය ඉහළ යාමත් සමඟ ඇමෙරිකාවට මුදල් ඇදි යාම වැඩි වී තිබෙන බවය.

අගමැතිගේ පාර්ලිමේන්තු කතාව !

මුලු  ලෝකය පුරාම ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පවසා ඇති අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පවසා ඇත.

‘‘ලෝකයේම ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් සියල්ල බාල්දු වෙලා ඉන්දියාව වගේම ලංකාවටත් ඒක බලපා තිබෙනවා. මේ නිසා හැම රටක්ම ප්‍රශ්න තිබෙනවා.

විපක්ෂයට අවශ්‍ය නම් මේ ගැන විවාදයක් තියන්න පුළුවන්.ඒ වගේම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි බලන්න අවශ්‍යයි.
තෙල් අලෙවි කරද්දී  ගන්න ලාභය දිහා බලන්න.අපි කලින්ම කිව්වා ලෝක වෙළඳ පොළේ තෙල් මිල  වැඩි වුවහොත් අවාසිය ගන්න වෙයි.අඩු වුනොත් වාසිය දෙනවා කියලා මෙතෙක් කල් ඒ වාසිය දුන්නා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න