එකට ආණ්ඩු කරනවා නම් එල්ලවන චෝදනා පක්ෂ භේදයක් නැතුව භාරගමු - දුමින්ද 

එකට ආණ්ඩු කරනවා නම් එල්ලවන චෝදනා පක්ෂ භේදයක් නැතුව භාරගමු - දුමින්ද 

සම්මුතිවාදී ආණ්ඩුවක කටයුතු කිරීමේදී එල්ල වන චෝදනා ද පක්ෂ බේදයකින් තොරව භාරගැනීමට හැකියාව පැවතිය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පැසසුම් තම පක්ෂයට ලබාගෙන, චෝදනා අනෙක් පක්ෂයට යොමු කිරීම යුක්තිසහගත නොවන බවයි.

සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී  දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

යහපාලනය හරියට ක්‍රියාත්මක කිරීමට වෙහෙසීම කිසියම් පක්ෂයකට කඩේයාමක් ලෙස කෙනෙක් දකිනවා නම් එය ඒ අයගේ දේශපාලනය තේරුම් ගැනීමේ නොහැකියාව බවද අමාත්‍යවරයා පැවසීය.

එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සිටියදී එජාපයෙන් පැමිණි පිරිසත් සමඟ එකට සිටීමට හැකියාවක් තිබුණ උදවිය අද එම පක්ෂය සමඟ එක්ව ආණ්ඩු කිරීම වරදක් බව කියන බවත් එයද ඔවුන් සඳහන් කරන්නේ මේ  ආණ්ඩුවෙන්ද  ඉවතට යාමෙන් පසුව බවද ඔහු සඳහන් කරයි.

එසේම අද ආණ්ඩුව විවේචනය කරන සියළු දෙනා ආණ්ඩුවේ සිට ඒ විවේචනය කරන දේවල් වලට අත ඉස්සු අය බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න