කටු චිකිත්සක ප්‍රසාද් : වෙබ් මාධ්‍යවේදියාව පැහැරගන්න හදලා !

කටු චිකිත්සක ප්‍රසාද් : වෙබ් මාධ්‍යවේදියාව පැහැරගන්න හදලා !

චීන කටු චිකිත්සකයකු වන ප්‍රසාද් දේශප්‍රිය ඇතුළු පිරිසක් තමන්ට මරණ තර්ජන එල්ල කල බව  මාධ්‍යවේදි නුවන් නිරෝධ අල්විස් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර  තිබෙන බව වාර්තා වෙයි. 

ඊට  අදාළ පැමිණිලි ලදුපතෙහි පිටපතක්ද අප සතුව ඇත.
41897047 2040541779591180 2338505578369777664 n
මේ සම්බන්ධව නුවන් නිරෝධ විසින් සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා ඇත. පහත දැක්වෙන්නේ එම

සටහනය.https://www.facebook.com/nuwan.nirodha/posts/10156696880923501?__tn__=-R

සංස්කාරක සටහන :

නුවන් නිරෝධ අල්විස් නම් වෙබ් මාධ්‍යවේදියා සිදුකර ඇති මේ අනාවරණය බරපතලය. එහෙයින් ඒ පිළිබඳ වගකිව යුතු සියළු පාර්ශවයන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත.

නුවන් සටහන් කර ඇති ආකාරයට පහත සිදුවීම අනාවරණය කිරීමේ වරදට ඔහුට මෙම තර්ජනය එල්ලව තිබේ.

ප්‍රසාද් දේවප්‍රිය නැමත්තා ඉතාම සුක්ෂම ආකාරයෙන් යොදවා ගනිමින් බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත‍්‍රික්කයේ, සල්පිටි කෝරළයේ, පල්ලේ පත්තුවේ, කොළඹ මහ නගර සභා සීමාවේ, කොළඹ (තිඹිරිගස්යාය)ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, සිනමන් ගාර්ඞ්න් ග‍්‍රාම නිළධාරී කොට්ඨාශයේ, සිනමන් ගාර්ඞ්න් හි 9 වන කොටසෙ හි ග්‍රෙගරි මාවතේ, වරිපනම් අංක 14 හි පිහිටි 1969. 12. 12 දිනැති අංක 1619 දරන පිඹුරෙහි ග්‍රෙගරි පාරේ වරිපනම් අංක 12/1 දරන දේපළද වන රූඞ් එකයි පර්චස් තිස් එකයි දශම හතයි පහක් (අ: 0 රූ:1 පර්: 31.75) ක් විශාල ඉහත පිඹුරු අංක 1619 කොළඹ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ හිමිකම් වෙළුම/පත්තිරු අංක E 102/37 හි ලියාපදිංචි කර ඇති රුපියල් බිලියන 1.4කට වඩා වටින ඉඩම හොරෙන්ම අත්පත්කර ගැනිමට කටයුතු කර තිබේ.  

මෙයින් පෙනී යන්නේ රුපියල් බිලියන ගණනක දේපලක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම සම්බන්ධව මෙම තර්ජනය සිදුව ඇති බවය. 
එසේම නුවන් නිරෝධ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමාජ ජාල ක්‍රියාකාරිකයකු ලෙසද ප්‍රසිද්ධව තිබෙන විට මෙම තර්ජනය එල්ලවීම පෙන්නුම් කරන්නේ  චීන කටු ප්‍රසාද්  කියන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකුට පවා මරණ තර්ජනය කිරීමට සමත් කෙරුමෙක් බවය.

අප අවධානය යොමුකළ යුතු අනෙක් කරුණ වන්නේ මෙම මැර තර්ජනය සඳහා ගෑවී තිබෙන දේශපාලන සහ ආරක්ෂක අංශ ප්‍රධානී නම් කිහිපයය. ඒ අතර අමාත්‍ය ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙන්ම පොලිස්පතිවරයාද වෙයි.

ඒ අනුව මෙහි දේශපාලන සම්බන්ධතා රැසක් මෙන්ම බිලියන ගණනක ගනුදෙනුවක්ද නිරීක්ෂණය වෙයි.ඒ බව සිහිතබා ගෙන මිස අපට හුදකලාව මේ සටහනේ ඉදිරියට ඔබව ගෙන යන්න හිත දෙන්නේ නැත.එනිසා අප අවධාරණයෙන් සඳහන් කරන්නේ මෙහි පවතින දේශපාලන සහ වෙළඳපොල සම්බන්ධය සිහිතබාගෙන ඉදිරියට යාම අත්‍යාවශ්‍ය බවය.

රාජපක්ෂ පාලන සමයේ නුවන් සිය මාධ්‍ය භාවිතය යොදවනු ලැබුවේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන්ය. ඒකාබද්ධ විපක්ෂයේ නුවර පා ගමන දක්වාම ඔහු එම කඳවුර නියෝජනය කළේය. නමුත් පසුව ඔහු එයින් ඈත්වන අතර ක්‍රමයෙන් ජනාධිපතිවරයාට පක්ෂපාත මාධ්‍ය භාවිතයකට යොමුවනුද දක්නට ලැබිණ. 
ඒ අතර වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ (පෞද්ගලිකත්වයට හානිවන) ජායාරූප කිහිපයක් අවස්ථා ගණනකදී නුවන් සිය ෆේස්බුක් ගිණුම හරහා සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලැබූ බවද අපට නිරීක්ෂණය විය. ඒ හරහා ඔහු අශ්ලීල විනෝදයක් ජනනය කරගනුද දක්නට ලැබිණ. 

මාධ්‍ය භාවිතයට අදාළව නුවන් සහ අප අතර පැහැදිළි වෙන්වීමක් ඇත්තේද එතැනය. එහෙත් ඒ කිසිවක් මත සැලසුම්සහගතව හෝටලයකට කැඳවා ඔහුට මරණ තර්ජනය කිරීමට අයිතියක් කිසිවෙකුට නැත. කිසියම් හෝ අවස්ථාවක නුවන් හෝ ඔහුගේ හිතවතුන් වරදක් කර ඇත්නම් ඊට පියවර ගත යුතුව ඇත්තේ නෛතික රාමුව තුළ පමණය.

ඒ අනුව චෝදනාව සත්‍ය නම් චීන කටු චිකිත්සක ප්‍රසාද් සිදුකර තිබෙන්නේ බරපතල වරදක්ය. විශේෂයෙන්  මාධ්‍යවේදීන් කියන්නේ ජෝන් ඇමති "අන්කල්" වීම නිසා, හිරුනිකා මන්ත්‍රීනිය "නඟා" වීම නිසා හෝ පොලිස්පති "අයියා" වීම නිසා මරණ තර්ජනය කිරීමට පහසු සහ මරන්න ලේසි පිරිසක් බව චීන කටු චිකිත්සක ප්‍රසාද් සිතාගෙන සිටිනවා නම් මොළය සම්බන්ධ විශේෂ කටු  චිකිත්සාවක් ඔහු තමන්ටම කරගත යුතුව ඇත.

ඒ තමන් සම්බන්ධව මාධ්‍ය හරහා විවේචනයක් සිදුවීම, චෝදනාවක් එල්ලවීම හේතුවෙන් එය සිදුකරන අය මරා දමන්න ඕන වැනි මැටි හිසක් ඔහු සතුබව හැඟෙන නිසාය. විශේෂයෙන් ඇමති ආරක්ෂකයින් සහ පොලිසියේ ලොකු තරු ඇසුරු කිරීම යනු මාධ්‍යවේදීන් මරාදමන්නට, මරණ තර්ජන කරන්නට තිබෙන අවසරපතක් වැනි හීනමාන හැඟීමක් ඔහු වෙතින් අපට නිකුත් වන නිසාය.

සියල්ලටම වඩා වැදගත් කරුණ වන්නේ යහපාලන පාලනය තුළ මාධ්‍ය නිදහස උපරිමයෙන් සහතික කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයන් කැපව සිටින බවට සඵත වෙන විට කොහේදෝ යන කටු චිකිත්සකයන් මාධ්‍යවේදීන් හමුවේ චණ්ඩි වෙන්න පැමිණීමය. ඒ වෙනුවෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමය.

සමහර විට රාජපක්ෂ සමයේ පුරුදු මේ උදවියට තවමත් අත්හරින්න නොහැකිවී ඇත්දැයි අප දන්නේ නැත. අපට අදාළ වන්නේ රාජපක්ෂලාට පවා මර්දනය කිරීමට නොහැකිවූ සහ ජීවිත පරිත්‍යාගයෙන් ජයග්‍රහණය කරවාගත් මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දුෂණය කිරීමට දරන උත්සාහය ගැනය. ඒ නිසා පළමුව මේ කටු චිකිත්සක ප්‍රසාද් විසින්  නම් විකුණා ඇති ප්‍රභූන් මේ සිදුවීමට අදාළ තම පාර්ශවයේ සම්බන්ධය හෙළිකළ යුතුව ඇත. ඒ හැර  මේ කටුකාරයන් හුරතල් කරන පාර්ශව ඇත්නම් ඔවුන් කළ යුතුව ඇත්තේ  කටු වලට නියමිත තැන ඔවුන් තැබීමය. 

මේ හමුවේ වෙබ් ඇතුළු මාධ්‍යවේදීන්ටද යුතුකමක් ඇත. ඒ පාට පක්ෂ භේදයක් නොමැතිව තර්ජනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකිරීම වෙනුවෙන් එකතුවීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න