කාන්තා 'සනීපාරක්ෂක තුවා'  සෙස් බද්ද ඉවත් කරන්න : මංගල ඇමතිගෙන් උපදෙස් 

කාන්තා 'සනීපාරක්ෂක තුවා'  සෙස් බද්ද ඉවත් කරන්න : මංගල ඇමතිගෙන් උපදෙස් 

කාන්තා 'සනීපාරක්ෂක තුවා' (Sanitary Pads) සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

මෙරට 52%ක් පමණ වන කාන්තා ජනගහනය තම ජිවිත කාලයේ දී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවය සඳහා අත්‍යවශ්‍ය කාන්තා 'සනීපාරක්ෂක තුවා' (Sanitary Pads) සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම  පිළිබඳව රජයේ අවධානය යොමුකල යුතුව ඇති බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති විමුක්ති දුෂාන්තගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පෙන්වාදෙනු ලැබිණ.

ස්තූතියි ඇමතිතුමා ! - අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය 

මේ අතර  අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පෙන්වාදුන් මෙම කරුණ සම්බන්ධව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට ස්තූතිවන්ත වන බව එහි සභාපතිවරයා පවසයි.

මෙතරම් කඩිනම් ප්‍රතිචාර දැක්වීමක් තමන් අපේක්ෂා නොකළත් අමාත්‍යවරයාගේ මෙම මැදිහත්වීම අනෙක් අමාත්‍යවරුන්ටද ආදර්ශයක් බව ඔහු පවසයි. 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමුක්ති දුෂාන්ත මහතා මෙසේ පැවසීය.

ප්‍රතිපත්තියක් නැතිව අයාලේ ගිය රටකට දැන් ප්‍රතිපත්තියක් දැක්මක් ඇතිව යන්න අවශ්‍ය වටපිටාව සකස්ව තිබෙනවා. නමුත් එය ජනතාවට බද්ධ විය යුතුයි. බුදු අම්මෝ බදු ගහනෝ වැනි පසුගාමී අදහසක අපි නෑ. මිනිස්සු රජයෙන් සහන ගන්න නම් නිසි ආකාරයට බදු ගෙවිය යුතුයි. බදු ගෙවීම අපි කාගේත් යුතුකමක්.

එහෙත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අතිශය වැදගත් කාරනා අපි වෙනම අරගෙන ඒ ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන්න ඕන. දියුණු ප්‍රතිපත්තිවලට බාධාවක් නොවන ලෙසයි එය සිදුවිය යුත්තේ.

අපිට පෙනෙනවා මංගල සමරවීර  අමාත්‍යවරයා මේ කාරණය හරියට තේරුම් අරගෙන තිබෙන බව. අපි ඔය සම්ප්‍රදායික සිවිල් සමාජ හෝ පාරිභෝගික සංවිධාන ස්ථාවරයෙන් වෙනස් වෙන තැනත් මෙතැනයි. අපි බලන්නේ වඩාත් හොඳම දේ ජනතාවට අත්කර දෙන්න පුළුවන් කොහොමද කියන එකයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න